වැඩ පරිසරය

ආයතික සේවා සංස්කෘතිය

සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සැපවත් කරලීමේ අභිලාශය පෙරටුකොට ගත්, ප්‍රෞඩ ශ්‍රී ලාංකීය සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කළ හෘද්‍යාංගම මූල්‍ය සේවා සංස්කෘතියක් ආපිකෝ ෆිනෑන්ස් තුළ ස්ථාපිතය.

ව්‍යාපාර සමාගම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ස්වයං රැුකියා නියුක්තිකයන් ඇතුළු සියළු ගනුදෙනුකාර පාර්ශ්වයන් සවිබලගන්වමින් ආපිකෝ ෆිනෑන්ස් සිය මූල්‍ය සේවා මෙහෙයවන්නේ ශ්‍රී ලාංකීය ආර්ථිකය සමෘද්ධිමත් කිරීමෙහිලා අනූපමේය දායකත්වයක් සපයමිනි.

දශක 6 කට අධික කාලයක් තිස්සේ නොබිඳුන ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසයකට උරුමකම් කියන සාඩම්බර දේශීය මූල්‍ය සමාගමක් වන ආපිකෝ ෆිනෑන්ස් සමාගම, වෙනස්වන ජීවන අවශ්‍යතාවන්ට සරිලන ආකාරයේ හෘද්‍යාංගම මූල්‍ය සේවාවක් ලබාදෙමින් නව පරපුරේද ගෞරවයට පාත‍්‍රව සිටියි.

ආපිකෝ ෆිනෑන්ස් සමග එක්විය යුත්තේ ඇයි?

ඒ ඒ ක්ෂේත‍්‍රයන්හි පළපුරුදු විශේෂඥ වෘත්තිකයන් පිරිසකින් සැදුම්ලත් ආපිකෝ ෆිනෑන්ස් සේවා පරිසරය තුළ සුදුස්සාට සුදුසු තැන සහ හැකියාවට නිසි වටිනාකම නිබඳවම හිමිවේ. එකිනෙකා හෙළා දකිමින් සාර්ථකත්වය සොයා ආත්මාර්ථකාමීව වෙහෙසෙන සාම්ප‍්‍රදායික ආයතික වැඩ පරිසරයකින් මිදුනු, එකිනෙකා පිළිබඳ සොයාබලමින් කණ්ඩායම් හැඟීමෙන් යුතුව ජයග‍්‍රහණය හඹා යන ජවසම්පන්න සේවා පරිසරයක් ආපිකෝ ෆිනෑන්ස් සතුවේ. ආපිකෝ ෆිනෑන්ස් තුළ පවතින සුහද සංවාදශීලී සේවා පරිසරය, නවකයන් ප‍්‍රබෝධමත් කරවීමෙහිලා සමත් වන්නේ අත්දැකීම් රැසකින් ඔවුන් සන්නද්ධ කරවමිනි.

වත්මන් ඇබෑර්තු

ආපිකෝ ෆිනෑන්ස් වෙබ් අඩවියේ රැකියා ඇබෑර්තු පිටුව දියුණුව ලැදි ඔබ සැමට විවෘතය. ඔබේ දැනුම, කුසලතා හා ආකල්ප අනුව ගැලපෙන රැකියා ඇබෑර්තු ඔබටම එහිදී තෝරාගත හැකිය. ඒ ඒ ඇබෑර්තු අනුව අවැසිවන සේවා පළපුරුද්ද හෝ අධ්‍යාපන / වෘත්තීය සුදුසුකම් සමග රාමුවෙන් එහා සිතන නිර්මාණශීලීත්වයත් ජයග‍්‍රහණය හඹා යාමෙහිලා ජවසම්පන්න උද්යෝගයත් ඇත්නම් ආපිකෝ ෆිනෑන්ස් ඔබ සොයන ඔබේ සේවා ස්ථානයයි!

සමාජ සුබසාධන සේවා

ආපිකෝ ෆිනෑන්ස් පුද්ගලික සමාගම ජනතාව වෙනුවෙන් නිර්මාණය වී ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන මූල්‍ය සේවා ආයතනයක් වන නිසා ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නිරන්තරයෙන් පෙරමුණ ගන්නා ආයතනයකි. ව්‍යාපාරයක සමාජ වගකීම මැනැවින් හඳුනාගත් ආපිකෝ ෆිනෑන්ස් සමාජය වඩා යහපත් කරවීමෙහිලා උරදෙන අධ්‍යාපන ක්ෂේත‍්‍රය, කලාව හා සංස්කෘතිය, ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා මෙන්ම මහජන අවශ්‍යතා රැසක් සම්පූර්ණ කරලීම වෙනුවෙන් සිය දායකත්වය එකමුතු කර ඇත.