Loading... Please wait.

අධ්‍යක්‍ෂ මණ්ඩලය

විශිෂ්ට මෙහෙයුම් බලකායක්

ආර්පිකෝ ෆයිනෑන්ස් පී.එල්.සී සමාගම එහි ගරු සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න විසින් මූලිකත්වය දරනු ලබන ජේෂ්ඨ අධ්‍යක්‍ෂ මණ්ඩලයකින් සමන්විත වේ. කළමනාකාර අධ්‍යක්‍ෂවරයාගේ සිට විධායක අධ්‍යවරුන්ගේ මඩුල්ල දක්වාද, ස්වාධීන අධ්‍යක්‍ෂවරුන්ගේ සිට ප්‍රධාන මෙහෙයුම් නිළධාරී දක්වාද තම ගනුදෙනුකරුවන් වෙත ඉහළම ප්‍රතිලාභ සහතික කිරීමට මූලිකත්වය හිමිවන සේ ආයතිනක තීන්දු තීරණ ගැනීමට වගබලා ගනියි.

ආචාර්ය රොහාන් කරුණාරත්න

සභාපති (ස්වාධීන, විධායක නොවන)

වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයකු වන ආචාර්ය කරුණාරත් ගෙවුණු වසර 30ක කාලය පුරා, සිවිල් ඉංජිනේරු ක්‍ෂේත්‍රය, ගොඩනැගිලි ඉදිකිරීම්, ඉංජිනේරු උපදේශක මණ්ඩල, ඉදිකිරීම් පුහුණුව, සිවිල් ඉදිකිරීම් පිළිබඳ දේශන, නිර්මාණකරණය සහ සැලසුම්කරණය ආදී ක්‍ෂේත්‍රයන්හී පශ්චාත් සුදුසුකම් සහ අත්දැකීම් ඇත්තෙකි. සිවිල් ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ බොහෝ වෘත්තීය සුදුසුකම්වලට අමතරව, ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ඉංජිනේරු උපාධියක් ලැබුවෙකි. ඔහු වර්තමානයේ ඇසෝසියේට් මෝටර් ෆයිනෑන්ස් හී සභාපති ධුරය උසුලයි. හියුමන් රිසොස් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම, මාස්ටර් බිල්ඩර්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, හය්බ්‍රිඩ් එයාර්පෝර්ට්ස් පුද්ගලික සමාගම, ඕවර්සීස් ටේ්‍රනින් ඇකඩමි, පින්තාලිය රිසෝර්ට්ස් ඇන්ඞ් ස්පා, එස්.එම්.එස් ඉංජිනියරින් පුද්ගලික සමාගම, සහ ඒ.කේ.කේ ඉංජිනියරින් පුද්ගලික සමාගම යන ආයතන වෙනුවෙන් ඔහු සිය සේවා දායකත්වය ලබා දී තිබේ. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සහ ජාත්‍යන්තර අලෙවිකරණ ආයතනයේ උප සභාපති ලෙසද ඔහු කටයුතු කර තිබේ. එසේම ආචාර්ය කරුණාරත්නයන් හැටන් නැෂනල් බැංකුව , සිනෝ ලංකා හොටෙල්ස් ඇන්ඞ් ස්පා, කැන්විල් හෝල්ඩිංග්ස් පී.එල්.සී සහ ආර්පිකෝ ෆයිනෑන්ස් පී.එල්.සී හී අධ්‍යක්‍ෂමණ්ඩල සාමාජිකයකුද වේ. එයට අමතරව ඔහු බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ උපදේශකවරයෙකි.

ශනිල් දයාවංශ මහතා

කළමනාකාර අධ්‍යක්‍ෂ

වර්ෂ 2009 සැප්තැම්බර් මාසයේ සිට ඇසෝසියේට් මෝටර් ෆයිනෑන්ස් හී විධායක අධ්‍යක්‍ෂ වරයකු වන ෂනිල් දයාංවංශ මහතාගේ විශේෂඥභාවය මුල්‍ය සහ ගිණුම්කරණ ක්‍ෂේත්‍රයේ පැතිර පවතී. ඔහු එංගලන්තයේ එසෙක්ස් විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණය සහ කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙක් වන අතර ඔස්ටේ්‍රලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාරකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ඔහු සතුය. ඔහු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකත්වයට පත්වීමත් සමගින් සමාගම පෙරට රැගෙනයෑම පිණිස නව අපේක්‍ෂාවන් සහ ගතිකත්වයන් දායක කළේය.

ජේ. පී. අයි. නාලත දයාවංශ මහතා

විධායක අධ්‍යක්‍ෂ

මුල්‍ය ක්‍ෂේත්‍රය, සංචාරක සහ හෝටල්, නිමි ඇඳුම්, ආනයන සහ අපනයන ආදී විවිධ ක්‍ෂේත්‍ර රැසක, වසර 30කට අධික කාලයක විශාල සහ පැතිරුණු අත්දැකීම් සමුදායක් දයාවංශ මහතා සතුව පවතී. 1982 වර්ෂයේදී ‘ඇසෝසියේටඞ් මෝටර් ෆයිනෑන්ස් (පුද්) සමාගමෙහි විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙසින් පත්වූ ඔහු, 1995 වර්ෂයේ එම සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂධුරයට පත්විය. ඔහු රථවාහන ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ දැනුමක් සහ අත්දැකීම්වලින් හෙබි අතර, භාවිතාකරන ලද ඉහළම පෙළේ මෝටර් රථ ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ පුරෝගාමියෙකි. දයාවංශ මහතා ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ එක්සත් රාජධානියේ කීර්තිමත් ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ ඩිප්ලෝමාධාරියෙකි. ඔහු වර්තමනායේ පොලිටෙක් (සිලෝන්) සමාගමේ සහ ඉම්පීරියල් ඉම්පෝර්ට් ඇන්ඞ් එක්ස්පෝර්ට් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරයන් දරනු ලබයි.

ටී.එම්.ඒ. සලේ මහතා

විධායක අධ්‍යක්‍ෂ

ටී.එම්.ඒ සලේ මහතා යනු මුල්‍ය ක්‍ෂේත්‍රය, විගණනය, අලෙවිකරණය, ණය දීම සහ අයකරගැනීම, ව්‍යාපෘති කළමනාකරණය සහ ඉසව් කළමනාකරණය ආදී ක්‍ෂේත්‍රයන්හී වසර 30කට අධික වෘත්තීය සුදුසුකම් ඇත්තෙකි. මුල්‍ය ක්‍ෂේත්‍රය, ආගන්තුක සත්කාර සහ කළමනාකරණය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය, ජාත්‍යන්තර ඉසව් සංවිධානය, සන්නිවේදනය, වෙළඳාම් සහ නිශ්පාදනය ආදී ක්‍ෂේත්‍ර රැසකට අදාළ සමාගම් ගණනාවක මෙහෙයුම් මට්ටමේ සිට උපායමාර්ගික මට්ටම දක්වාම එකිනෙකට වෙනස් තනතුරු රැසක් ඔහු විසින් හොබවනු ලැබ ඇත. ඔස්ටේ්‍රලියානු සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ පූර්ණ සාමාජිකයකු වන ඔහු මැලේසියාවේ ‘ඒෂියා’ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

ලයිල් ඩෙනිස් පීරිස් මහතා

ස්වාධීන, විධායක නොවන අධ්‍යක්‍ෂ

ණය කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සාමාජිකයෙකු වන පීරිස් මහතා ජ්‍යේෂ්ඨ කළමනාකරුවකු ලෙසින් වසර 37ක අත්දැකීම් ඇති අයෙකු වන අතර ඒ අතුරින් වසර 29ක් අධ්‍යක්‍ෂ මණ්ඩල මට්ටමේ කටයුතු කර ඇත. මෙයට ප්‍රථම පීරිස් මහතා ඩෙල්මේජ් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ඉන් අනතුරුව එහි නියෝජ්‍ය සභාපති ධූරය දරන ලදි. එසේම ඔහු එල්.බී ෆයිනෑන්ස් සමාගමේ සහ ඩෙල්මේජ් ෆයිනෑන්ස් සර්විසස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ධුරයද දරා තිබේ. ඩෙල්මේජ් සමූහය තුළ ධූරයන් රැසක් දරා ඇති හෙතෙම ණය කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වත්මන් සභාපති සහ ශ්‍රී ලංකා මුල්‍යායතන සංගමයේ හිටපු සභාපතිවරයාද වේ.

නිලන්ක එම්. පීරිස් මහතා

ස්වාධීන, විධායක නොවන අධ්‍යක්‍ෂ

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහ එක්සත් රාජධානියේ වරලත් කළමනකාරණ ගණකාධිකාරී ආයතනයේ සම සාමාජිකයකු වන පීරිස් මහතා ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වයේ වසර 18ක අත්දැකීම් සහිත සුදුසුකම්ලත් වරලත් ගෝලීය කළමනාකාරණ ගණකාධිකාරීවරයෙකි. වර්තමානයේ අනෙකුත් සමාගම් කිහිපයක අධ්‍යක්‍ෂ ධුරයන් දැරීමට අමතරව ඔහු ජෙන්සොෆ්ට් පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙසින්ද කටයුතු කරයි.

අප ගැන යමක්..

V3

ඔබගේ වර්ධනය පෝෂණය කරමින්, ඔබේ වර්ධනයේ සෑම පියවරක්ම ආර්පිකෝ ෆයිනෑන්ස් සමගින් ඇරඹෙනු ඇත. ඔබේ වර්ධනය අප සමගින් ඇරඹෙනු ඇත. ඔබගේ මුල්‍ය ස්ථාවරය සහතික කිරීමට අපි ඇපකැපවී ක්‍රියාකරන්නෙමු.

ප්‍රධාන කාර්යාලය